සිංහල විද්‍යුත් පොත – නිහාල් ශ්‍රී අමරසේකර

ස්වල්ප දෙනෙකු විසින්, අව්‍යාජ අතෘප්තිකර කෑදරකම මත, බොහෝ දෙනෙකුගේ තමන්ට අයිති ජීවනෝපායට අත්‍යාවශ්‍ය මූලික අවශ්‍යතා වළක්වාලමින්, රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයම විසින්, මහජන සම්පත් දූෂණයෙන් වංචා කිරීම සහ මංකොල්ල කෑම, අන්ත දිළිදුකමට මූලිකම හේතුව නොවන්නේද ? එබැවින්, අවාසනාවන්ත දුප්පතුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට වඩා, එවැනි සමෘද්ධිමත් දුර්ජනයින් සහ සමාජයීය – දේශපාලනික බලවතුන්ට එරෙහිව ඉතා තදින්ම නීතියේ ආධිපත්‍යය බලාත්මක කිරීම මගින්, එවැනි වංචනික ක්‍රියාකාරකම් වැළැක්වීම සහ එහි ජීවත් වන ජනතාවගේ ජන සම්පත් දූෂණය මගින් කොල්ල කෑම වැලැක්වීම, මෙම දිළිදුකමේ මූලික හේතුවට, ධෛර්යයෙන් ඍජු ලෙස ආමන්ත්‍රණය කල යුතු සහ දැඩි ලෙස ඒයට එරෙහිව ක්‍රියා කල යුතු නොවන්නේද ? සත්‍ය වශයෙන්ම එසේ ක්‍රියා කිරීම, එලෙස මහජනතාවගේ සම්පත් අසාධාරණ ලෙස කොල්ල කා සහ මංකොල්ල කා, එමගින් දිළිදුකම පිටු දැකීමට උන්නතාංශ වැඩසටහන් සිදු කිරීමට වඩා, වැදගත් නොවන්නේද ? තවද එසේ වංචාවෙන් ලද ධනය පවා යොදමින් සමාජය තුල පිළිගැනීමක් ලබා ගැනීමත්, ආගමික නායකයන් පවා එම වංචනික මුදල් වලින් කරන හුදු පරිත්‍යාග මත, වංචනිකයන්ට හා දුෂිතයන්ට ප්‍රසිද්ධියේ ‘සුදු හුණු ගෑම’ ඛේදජනක නොවන්නේද ? එම යථාර්ථය මත, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සමඟ සමාජ අසාධාරණයට තුඩු දීමට, සහ අවසානයේ ජනතාවගේ සම්පත් නැවත ලබා ගැනීමට කැරලි ත්‍රස්තවාදය බිහි වන සමාජ නැගිටීම් සිදු වීමට, මාර්ගය සකස් කිරීමක් නොවන්නේද?

නිහාල් ශ්‍රී අමරසේකර
2016 නොවැම්බර් 23

 

සාරාංශ වල සමාලෝචන

මෙම සාරාංශ මගින් කර්තෘ විසින් රචිත පොත් මාලාවේ අනාවරණය කරන ලද කරුණු, අධ්‍යයනය කිරීම සඳහා කාලය හෝ නැඹුරුකමක් නොමැති විය හැකි පුද්ගලයින් වෙනුවෙන්, එම පුද්ගලයන්හට ඉතා හොඳින්, තමන් දැනුවත් වීම සඳහා මෙම සාරාංශ සකස් කර ඇත. සත්‍ය වශයෙන්ම, සාමාන්‍ය ජනතාව එසේ කිරීමට බිය වන මතභේදාත්මක කරුණු හෙලිදරව් කරමින්, කර්තෘ විසින් ඔහුගේ විශාල වෙළුම් සහිත ග්‍රන්ථ මාලාවේ අදාල විස්තර අධ්‍යයනය කිරීමට පාඨකයින් අතර කැමැත්ත ඇති වීමට, ලේඛන මගින් තහවුරු වන කරුණු මෙම සාරාංශ වලින් පිළිඹිබු කර ඇත. මෙම සාරාංශ සහ අදාල ග්‍රන්ථ මාලාවේ නිරාවරණය වන කරුණු සැසදීමේදී, වර්තමාන සමාජය වඩා, වඩාත් යහපත් සමාජයක් බිහි කිරීමට, පුණ්‍යකර්මයක් සහ ක්‍රියාවක් ලෙස, කර්තෘ විසින් සමාජයට විශිෂ්ට සේවයක් ඉටු කරනු ලබයි. පවතින සමකාලීන සමාජ-දේශපාලන යථාර්ථයන් අවබෝධ කර ගැනීමට සහ ස්වල්ප දෙනෙකු විසින් සිදු කරන ක්‍රියාවන් මගින්, සමාජයට වැළදී ඇති පිළිකාමය තත්වයන් හෙලිදරව් කිරීමට සහ එම තත්වයන් තුරන් කිරීමට, එඩිතර කමක් ඇති කර ගැනීම උදෙසා, සියලු දෙනා විසින් කියවිය යුතු සාරාංශ ලෙසට, මා මෙම සාරාංශ වර්ණනා කරමි.

උධෘතය

" ප්‍රතිපත්තියෙන් තොර දේශපාලනය චරිතයෙන් තොර අධ්‍යාපනය, මනුෂ්‍යත්වයෙන් තොර විද්‍යාව, සහ සදාචාරයෙන් තොර වාණිජ්‍යය වැඩකට නැති පමණක් නොව, නමුත්සැ බවින්ම භයානකය"
- ශ්‍රී සත්‍ය සායි බාබා -

නිහාල් ශ්‍රී අමරසේකර

සහතිකලත් වරලත් ගණකාධිකාරී, සහතිකලත් වරලත් කළමනාකරණ ගණකාධිකාරී, වරලත් කළමනාකරණ ගණකාධිකාරී, වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරී, සහතිකලත් වංචා පරික්ෂක, ඇමරිකානු නීතීඥ සංගමයේ සහායක සාමාජික, දූෂණ විරෝධී බලධාරීන්ගේ ජාත්‍යන්තර සංගමයේ සම්බන්ධීකාරක, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ හිටපු මණ්ඩල සාමාජික

Share this post


You cannot copy content of this page